නිවසේ සතුට

1/62

නිවසේ සතුට

පෙරවදන

නිවසේ සතුට වැනි ග්‍රන්ථයක අවශ්‍යතාවය ලෝක ඉතිහාසයේ මින් පෙර කිසි කලෙක මෙතරම් ගැඹුරින් හැඟි ගොස් නැත. දෙමව්පියන් සහ දරුවන් තම දෛණික ගැටළු වලට නිසි පිළිතුරු දැන ගැනීමට මෙතරම් උත්සුක වූ කාලයක්ද පෙර නොවීය. මෙකල පමණ විනාශයට ඇද වැටුනු නිවෙස් තිබූ කාලයක්ද අතීතයේ නොවූ විරූ තරම්ය. AHS 1.1

සමාජයේ පවතින තත්ත්වයන් අප නිවෙස්හි පවතින තත්ත්වයන්ගේ ප්‍රතිඡායාවන් බැව් කවුරුත් දනිති. එමෙන්ම අප නිවෙස්හි සිදුවන පරිවර්‍තනයන් පරිවර්‍තනයට ලක් වූ සමාජයක් තුළින් පිළිබිඹු වන බවද අපි දන්නෙමු. මෙම අරමුණ සාක්ෂාත් කරගනු වස් නිවසේ සතුට ඉදිරිපත් කෙරෙයි. AHS 1.2

සිව් දරු මවක සහ ගැඹුරු දෘෂ්ටියකින් යුතු ආගමික ගත් කතුවරියක වන එලන් ජී වයිට් මහත්මිය දෙමාපියන් සහ දරුවන් හට දෙන වටිනා උපදෙස් බොහෝය. ඇය නිවස සහ පවුල් ජීවිතයේ සෑම පැති කඩකටම පාහේ අදාළ කරුණු දක්වා ඇත. එමගින් ඇය කල්පනාශීලි වූද තම ගැටඵ වලට සොයන්නා වූද වත්මන් දෙමාපියන්ගේ බොහෝ ප්‍රශ්න වලට නිසි පිළිතුරු සපයන්නීය. AHS 1.3

මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට ඇති කරුණු ඉහතදී විවිධ ප්‍රකාශයන්හි ලිපි ලෙසද ග්‍රන්ථ පරිච්ඡේද ලෙසද දෙමාපියන්ට ලියා යවන ලද උපදෙස් ලෙසද පළ වූ එවාය. එමෙන්ම නිවසේ සතුට කෘතියට සංක්ෂිප්ත කොට ගෙන තිබෙන්නේ කිතුණු නිවස පිළිබඳ මෙම ප්‍රකාශක විසින් නිකුත් කරන ලද වඩා විස්තරාත්මක ජනප්‍රිය කෘතියකින් තෝරා ගනු ලැබූ කොටස්ය. AHS 1.4

නිවසේ සතුට සාවධානව කියවීම මගින් ඔබගේ ආකල්පයන් සහ ඉරියව් වෙනස්වී ඔබ නිවසේ සතුට වර්ධනය වනු නොඅනුමානය. AHS 1.5

ප්‍රකාශකයෝ